62

752 120 95
                                    

රෑ කලුවරේ ලාම්පුවේ විනිවිද යන වේ වැල් රටාව ඇගට වැදිලා ලස්සනට පේනවා. තැඹිලි පාට ඔරේන්ජ් බල්බ් එකෙ එළිය රත්තරන් පාට ශරීරේ තවත් ලස්සනට පෙන්නද්දී එක ලස්සන ජවනිකාවක් වෙලා. මගෙ උණුසුම හොය හොය එන සතූගෙ මූණේ පිරුන ආශාව මගෙ ඇස් වලට පේන කොට මත් වෙච්ච එයාට වඩා ඇගට ඇල්කොහොල් ගතියක් ආවේ මට. ඉස්සර තිබ්බ වලහෙක් වගෙ ඇගෙ කෙස් ඔක්කොම ශේව් වෙලා එයාගෙ.. ඒක මම ආසම නැති දෙයක් වුනත් මේ විදියටත් එයාගෙ ලස්සන මගෙ ඇස් ලස්සනට ඉස්මතු කරලා ගන්නවා.

"වුල්ෆී...." ඒ හඩ අද හුරතල් වගෙ ඇහෙන්නෙ. එයාගෙ කම්මුලේ තිබ්බ මගෙ අත එයාගෙ තොල් වලට ගිහින් නැවතුනේම ඒ නිසයි. දිගැටි තොල් වල අග්ගිස්සෙ තෙත බරිත කරපු මම එයාගෙ මූණ දිහා ආයෙත් බැලුවා... මගෙ ඇගට කඩන් පනින්න වගෙ දගලන සතූව දැක්කාම මගෙ හිතේ ආශාව තවත් උඩ යනවා... එයාගෙ නිරුවත් පපුවේ මම ඇගිල්ලේන් පිරිමැද්දා... එයාගෙ ආශාව උඩ පහල යන කොට මට ඒක දකින්න මාරම ආසාවක් තිබ්බේ.

"හේයි..." ආයෙත් පාරක් මගෙ මූණට කඩන් පනින්න යද්දි මම එයාගෙ බෙල්ලට මගෙ තොල් ගෙනිච්චා. අතොරක් නැති ෆෝන් එකක් දැන් පැය භාගෙක වෙලේ ඉදන් රින්ග් වෙනවා. ඉතින් තවත් ඉවසීම නවත්තලා මම ඒ ෆෝන් එක කනට ගත්තෙ සතු ඒ වෙද්දිත් මාත් එක්ක බිසි නිසා...

"හලෝ..."

"ඔයා කොහෙද ඉන්නෙ සනා..." අඩන්න ඔන්න මෙන්න තිබ්බ දෝණිගෙ කට හඩ එද්දි තමයි මටත් මගෙ මත් බව විසික් වෙලා යන්න ගියෙ. අරුගෙ උරහිස්ස මිරිකලා මම ඌව නැගිට්ටවන්න ට්‍රයි කරත් ඌ මගෙ ෂර්ට් එක ගලවන්න ට්‍රයි කරන්නෙ. සතුගෙ ඇග උඩින් මම අයින් වෙලා ඌට ෆෝන් එක දුන්නා.

"ශිට්...." අරුගෙන් එහෙම ඇහෙයි කියන බයට මම යාර ගානක් එහාට ෆෝන් එක ගෙනිච්චා.

"දෝණි..." මම තොල් හදලා කියද්දි මට ගහන්න බැරි කමට වගෙ ඒ හරකා ෆෝන් එක ගත්තෙ.

"හලෝ.."
"ආ... දෝණි... මම නිදාගෙන හිටියෙ... මොකක්ද අවුල..."
"ආහ්... නෑනේ... ඇයි ඔහේ නැද්ද?"
"මොකටද රණ්ඩු වුනේ."
"ආහ් හරි මම හොයලා බලන්නම්..."
"ඔයා බය වෙන්න එපා. ඔයා කිව්ව මොනවද මම නොකරේ."
"හරි මම තියන්නම් ඉක්මනින් එක්ක එන්නම්." සතු ෆෝන් එක තියලා මගෙ දිහා බැලුවා.

❄ ශීත 🍻Onde as histórias ganham vida. Descobre agora