අප්පච්චිට,

2 0 0
                                    

මට දුක හිතුනනෙ අප්පච්චි,

අප්පච්චිට මාව මතකද අප්පච්චි
මට දැන් දහනවයක් !!!
අද මගෙ උපන් දිනේ......
අප්පච්චිගෙ දූගේ...නෑ!!! අප්පච්චිගෙ ලොකු දූගෙ උපන් දිනේ අදනෙ
අනේ මන් උපන් වෙලාවෙ වත් මං ගාව උන්නද අප්පච්චි
කිරි අම්මා කියනව ඒ වෙලාවෙ මං සුදුම සුදු පාට බෝලයක් වගෙයිලු නර්ස් කෙනෙක් මාව එයාට දෙනවද ඇහුවලු අනේ අප්පච්චි මං ඒ තරමට ලස්සනයිලු

අප්පච්චිට දාලා යන්න හිතුනද අප්පච්චි!!!

අප්පච්චිත් හරියට මට කවදාවත් උපන් දිනේ දවසට නොලැබුණු කේක් එක වගේ
අවුරුදු දහනවයක් උපන් දිනේ දවසට මං කේක් කෑවෙ නැ අප්පච්චි
හරියට ඒ හැම පාරම ඔයා මං ළඟ උන්නෙ නැ වගේ.. ඉතින් මගෙ අප්පච්චිත් හරියට මට කවදාවත් නොලැබුණු ලැබෙයි කියලා බලාපොරොත්තුවක් වත් හිතේ නොතිබුණු ඒත් නොලැබුණු නිසා දුක හිතුනු උපන් දින කේක් එකක් වගේ!!!!

මට සුභ පැතුම් ගොඩයි අප්පච්චි!!!!
යාළුවෝ හැමෝගෙන්ම ඇවිත් තිබුණා
ඒ හැම එකකම
සතුටින් ඉන්න කියලා මට කියලා තිබුණා

අනේ අප්පච්චි...
ඒවා කියවනකොට මට දුක හිතුණා!!!

You've reached the end of published parts.

⏰ Last updated: May 09 ⏰

Add this story to your Library to get notified about new parts!

Peace of peotryWhere stories live. Discover now