CHAPTER 25 🌸

2K 255 163
                                    

" දෙව්මිණ..දෙව්මිණ..ඒ උද්‍යාන.. නැගිටපල්ලා යකූ හවස් වෙලා... "

" බලපන් මූ ආපු ගමන් මගෙ කොල්ලව අල්ලගෙන...සුවී නැගිටන්.. "

විදුරගෙයි ශවී ගෙයි කටහඩ ඇහෙද්දි මට තේරුනේ මට හොදටම නින්ද ගිහින් කියලා..සීතල අත් තාම මගේ ඇග වටේ තියෙද්දි මට තේරුනේ මෙච්චර වෙලා දෙව්මිණ මාවත් තුරුල් කරන් නිදාගෙන ඉදලා තියෙන්නෙ කියලා..

" දෙව්මිණ..එහාට වෙන්නකෝ...මට නැගිටින්න ඕනි.. "

" ම්ම්ම්ම්... "

තව ටිකක් තදට තුරුල් වුනා මට..

" දෙව්මිණ නැගිටපන් මගෙ කොල්ලව අතෑරලා..මගෙ මෙට්‍රස් එකේ නිදාගෙන මෙතන..නැගිටපන් "

ඒ අස්සේ ශවී දෙව්මිණට බනිනවා..මම හිනාව තද කරන් හිටියේ හෙන අමාරුවෙන්..ඒ අස්සෙ මගේ කන් දෙක රතු වෙනවා කියලා ශවීන් ඉගි කරල පෙන්නුවා..

" දෙව්මිණ නගිටින්නකෝ...මට අමාරුයි හුස්ම ගන්න.. "

" ම්ම්ම්...සුවී...සොරී... "

දෙව්මිණ කෙදිරි ගගා නැගිට්ටා..මාත් ටග්ගලා නැගිටලා සාලෙට ගියා..

" අනේ උද්‍යාන ඔයාට කෝමද දැන්.. "

" දැන් හොදයි හලෝ..මේ ඒක නෙවෙයි..කොහොමද මැචස් "

" ආයෙ මොනව අහන්නද..අපි පරදිනවද මල්ලි එහෙම "

" අඩෝ එල හොදේ.. හෙට මට ප්ලේ කරන්න පුලුවන්..දැන් ශේප් මට "

" ආහ් හා ඒක හෙට බලමුකෝ.. "

ටීම් එකම ඇවිත් වොශ් දාලා ආපහු සාලේ පිරුනා..ඒ අස්සේ මල්ලිලා ටිකක් කොහෙන්ද මන්දා පුම්බපු බැලූන් ටිකකුයි තඩිම තඩි කේක් එකකුයි ගෙනල්ලා හැපි බර්ත්ඩේ උද්‍යාන අයියේ ගාලා කෑගැහුවා..

විනාඩි පහක් ඇතුලද මුලු සාලෙම එක එක විකාර සැරසිලි වලින් පිරෙන්න ගත්තා..කට්ටියම පිරිලා රෑ කෑමට කලින් කේක් කපලා සෙලිබ්‍රේට් කරලා ඉමුලු..

කට්ටියම විශ් කරද්දි මම කේක් කපලා කෝච් සරටයි අන්කල්ලා ටිකටයි කවලා අපේ ටීම් එක පැත්තට හරෙද්දි දෙව්මිණයි ශවීයි දෙන්නා මම දිහා කන්න වගේ බලන් ඉන්නවා..මම කේක් කෑල්ල මේ දෙන්නගෙන් කාටද කවන්නේ වගේ හැමෝම බලන් ඉන්නවා..

I LOVE YOU,STUPID! ( BL SINHALA | COMPLETE )Where stories live. Discover now