CHAPTER 42 🌸

1.7K 179 49
                                    

" දෙව්.. මම හිතන්නේ මම අම්මව හම්බෙන්න දැන් ලෑස්ති.. "

කාමරේට වෙලා බඩු අස් කර කර හිටපු මගේ අවදානේ ගත්තේ සුදූ කියපු දේ..

" සුදූ.. "

" ඇත්තටම කිව්වෙ දෙව්.. මම ගොඩක් කල් ගත්තා.. එයා කවුරු උනත් මගේ අම්මනේ.. මට තරහ ගන්න පුලුවන් වුනාට වෛර කරන්න අයිතියක් නෑ.. මට දැන් ඕනි එයාට සමාව දීලා එයාගෙන් ඈත් වෙන්න..තව දුරටත් මට කලින් වගේ අම්මව දකින්න අමාරුයි ඉතින් අපි මේ යන්න ඉන්න ගමනේ හිතේ කහට නැතුව යන්නයි මට ඕනි "

" සුදූ..මට කියන්න දෙයක් තියෙනවා..ඇත්තටම මම ඔයාගෙන් දෙයක් හැංගුවා.. මම ඔයාගේ අම්මව හම්බෙන්න ගියා ටික දවසකට කලින්.. "

" මොකක්..කවද්ද "

" අපි රට යමු කියලා තීරනේ කරපු දවසේ..අම්මයි ඔයයි ශොපින් ගියපු වෙලාවේ..අම්මා මේ ලියුම් කවර දුන්නා..මම දිග ඇරියෙවත් නෑ..මම හිතන්නේ සල්ලිද කොහෙද..අම්මා මට සම්පූරන විස්තරේ කියලා අවංකවම පසු තැවෙනවා කියලත් කිව්වා..ඔයා එයාට වෛර කරත් එයා කැමති ඔයා සතුටින් ඉන්නවා බලන්න කිව්වා "

මම කබඩ් එකේ ලාච්චුවෙන් තියලා තිබ්බ ලියුම් කවරේ එයාගේ අතින් තිබ්බා..එයා ඒක දිග ඇරියා..ඒක ඇතුලේ තිබ්බේ සුදූගේ නමට තිබ්බ බැංකු පොතක්..ඒත් එක්කම පුංචිවට නවපු කොලයක් තිබ්බා..සුදූ ඒක අහෙන්න කියෙව්වා..

" මගේ සුදු පුතාට,

     සුදු පුතා, මම දන්නවා ඔයා මට වෛර කරනවා කියලා..මේ ලියුම ඔයා කියවයිද නැද්ද කියලා මම දන්නේ නෑ ඒත් මගේ පුතේ මට කියන්න දෙයක් තියෙනවා..

අම්මට පුතාගේ ඉස්සරහට එන්න හයියක් නෑ.. මට පුතාගේ ඉස්සරහට ඇවිත් මට සමාවෙන්න පුතේ මම එහෙම කරේ උඹට ආදරේට කිව්වත් පුතා ඔයා විශ්වාස කරන්නේ නෑ කියලා මම දන්නවා..

ඉපදුන දවසේ ඉදන් මම පුතාව හැදුවෙ මලක් වගේ..දග ලමයෙක් නොවුන මිසා ජීවිතේටවත් පාරක් ගැහුවේ නෑ..සෙල්ලම් කරන්න යන්න හැදුවත් මම යැවුවෙ නෑ පොඩිකාලේ තුවාල වෙලා මල්පෙති වගේ තිබ්බ අතපය තුවාල වෙයි කියලා බයට..මගේ බය කියන දේ පුතාට තිබ්බ ආදරේ වැඩි කමට ඇති වෙන දෙයක්..ඒ බය පුතාට බයක් විදිහට නොපෙන්වා නපුරුකම විදිහට පෙන්නන්නයි මම කැමති වුනේ..

I LOVE YOU,STUPID! ( BL SINHALA | COMPLETE )Where stories live. Discover now