0002

2.9K 474 58
                                    


..

..

..

Author's P.O.V°°°°°


..ඕයි...!!..ඕක මගෙ ඩෙස්ක් එක...!!..



කන ගාවින්ම ඇහුනු කටහඩ........කල්පනා ලෝකෙක ගිලිලා...නුපුරුදු පරිසරක් නිසාම දැනුනු අපහසුතාවයෙන් මිරිකිලා..හිස් කලු ලැල්ල දිහා බලාන උන්නු ආගන්තුක තරුනයාව මේ ලෝකෙට ආයෙත් ඇදගෙන එන්න සමත් උනා...ඒ කටහඩේ ගැඹුර කොයිතරම්ද කියනවා නම්...නුපුරුදු බව නිසාම අඩමානෙට වාඩිවෙලා හිටිය තීනු නැගිටුනේ පුටුවත් පෙරලගෙනමයි....එයා බය උනා...ඒ වගේම එයාගේ ලා නිල්ද නැතිනම්..අලු පාටද කියන්න අමාරු ..ඒ වර්ණ දෙකේම එකතුවක් උනු ඇස් ඕනාවටත් වඩා ලොකු උනා.....කවදාවත් නොවුනු විදිහට කන් පෙත්තට සංවේදි උනු ඒ හඬ නිසාම ගතේ පිපුනු හිරි නොදැක්කා නොදුටුව ගානට තීනු බෙල්ල උඩට උස්සලා බැලුවේ බය උනු බැල්මක් එක්කමයි....



ඒ ගැඹුරු කටහඩේ අයිතිකාරයා උසයි....තීනුටත් වඩා උසයි...ගැස්සුනු නිසාම...එයාගේ ඇස් කෙලින්ම යොමු උනේ බොත්තම් දෙකක් විවර උනු , සුදු කමිසය අස්සෙන් කැපිලා පෙනෙන තලෙලු පාට පපුවක් ළඟ වෙද්දි....යම් යම් හේතු නිසා කිසිදාක ඒ තරම් ලගට පිරිමි පපුවක් දැකල නැති ආගන්තුක තරුණයා ඒ ගැස්මත් එක්කම බය වෙලා කෙලින්ම බැලුවේ තලෙලු පාට හමේ අයිතිකාරයා දිහා....


ඇරුනු බොත්තම් අස්සෙන් කැපිලා පෙනුනු පපුවත්...ඒ පපුවට උඩින් බෙල්ලේ නෙරලා ඇවිත් තිබුනු පිරිමිකමේ සලකුනත් එක්ක...ඍජු නිකටත්....නිකටේ පැත්තකට වෙන්න තොලට පහලින් තිබුනු කලු පාට තිතත්...ලා දුබුරු පාට තොල් එක්ක හැඩ නහයත් ..චායාවක් වගේ...තීනුගේ ඇස්වල කලබලේට ඇදීගෙන යද්දි...නතර වෙන්න ඕන තැනින්ම එයාගේ ඇස් නතර උනා....

නපුරුකමට ඇකිලුනු....ඒත්....තද කලු පාට දිගැටි ඇස් දෙකක්...ඒ ඇස්වල ගැබ් උනු පැහැදිලි කරන්න නොතේරෙන අමුතුම බැල්මක්....


තීනු තවත් ගැස්සුනා...නොගැස්සී තියෙවීද ඉතින් ...පාසලට අඩිය තියපු මොහොතෙ ඉදන් එයා දැක්කෙම..එයාට හමුවුනේම කුතුහලය පිරුනු..ඒත් ආගන්තුක දෑස් වෙනකොට...හදිසියේම මුනගැහුනු ගැඹුරු කටහඩක අයිතිකාරයෙක් ඇස් දෙක විතරක්...අහේතුකව නපුරුකමට ඇකිලිලා තියෙද්දි..එයා අය නොවී.තියෙයිද....කිසිම හැහීමක් නොපෙන්ව...පිලිමයක් හා සමානව ඍජුව බලන් ඉද්දි බයටම ගැහෙන පපුව නතර කරගන්න තීනු කොහොම කියලා උත්සහා කරන්නද....





🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now