0006

2.2K 438 103
                                    


...

...

...

..ඒ ඒ අල්ලගනින් මූව...


ඉතින් එතනම හයේ හතරෙ පොලු අරගත්තු කොල්ලොම පස් දෙනයි....ධතාශ් එක්ක දසුන් වගේම චමුදිතත් එතන....තව පොඩි පන්තියක නිල් පාට කොට කලිසමක් ඇදගත්තු පන්ඩිත කොල්ලෙක් එක්ක එකොලහ වසරෙ සුදු දිග කලිසමක් ඇදපු කොල්ලෙක්...පස් දෙනාගෙම අතේ පොලු...ඊටත් වඩා ඒ මූනුවල තිබ්බ බැල්ම තනිකරම මරාගෙන කන බැල්මක්.....කිරි සුද ගහන යුනිෆෝර්ම් එක ඇදලා හිටියා උනත් පෙනුම නම් තනිකරම රස්තියාදුකාර කොල්ලො ටිකකගෙ වගේ....ශර්ට් එක යට කරන්නෙ නැතිව උඩින් දාගෙන....කපුටු කූඩ වගේ කොන්ඩ වවාගෙන..ඉලන්දාරිකම පෙන්නන්න දැලි රැවුලකුත් තියාගෙන ඉද්දි චූන් පාන් අයියාගෙ නම් පපුවත් වේගෙන් ගැහෙන්න ගත්තු තරම්...

දූවිලි කාගෙන ආව වීල් එක විදගෙන යන්න බලාගෙන වංගුව ගත්තා උනත්..එකපාරටම පොලු උස්සන් ඉස්සරහට පැනපු කොල්ලො ටික එක්ක චූන් පාන බය උනා වගේම...ගැස්සිලා ගිහින් වගේ බ්‍රේක් එක තද කලා..හැබැයි ඒ තද කරපු බ්‍රේක් පාර එක්ක ලබ්බට ඉරටු ගහලා වගේ හිටිය කැහැටු ජීවියෙක් උනු චූන් පාන් අයියා සීට් එකෙනුත් ඉස්සරහට විසි වෙලා ගිහින් මූන වීදුරුවේ ඇන ගත්තා...හරියට හැරි පොටර් මායා බස් එකේ වීදුරුව සිප ගත්තා වගේ.....


හූනෙක් වගේ වීදුරුවට ඇලිලා හිටිය චූන් පානට හුස්මක්වත් ගන්න හම්බුනේ නෑ කොල්ලො ටික පරඩැලක් වගේ ඒකව බෙල්ල පිටිපස්සෙන් අල්ලලා එලියට ඇදලා ගත්තා......විදගෙන ගියාට මොකද චූන් පාන් අයියා ධතාශ්ට තනි අතෙන් උස්සලා පොලොවෙ ගහන්න පුළුවන් තරම්....ඇදුමක් ඇදන් හිටියත් ඒක පවා හතර අතින් එල්ලෙන තරම් මිනිහා කෙට්ටුයි......




...මොකද මල්ලේ මේ ආ...ඔයැයිලා ගේමද.....

ඉතින් ඇග නැති උනාට මේකගේ කට නම් ඔලුවටත් උඩින්.....ගුටිකන්න වෙයි කියලා බයටද කොහෙදෝ සද්දෙටම ගේමද කියලා චූන් පානා කෑ ගහද්දි...කේන්තිය පාලනය කරගන්න අහක බලන් හුස්මක් ගත්තු ධතාශ් චූන් පානගේ බෙල්ලෙන්ම අල්ලලා උස්සලා තද කලේ වීල් එකේ ඉස්සරහා වීදුරුවට...ඒකගේ ඇස් දෙකත් දොබ ගෙඩි සයිස් වෙලා කටත් ඇරිලා දිව එලියට පනිද්දි...අනිත් කොල්ලො ටික වට වෙලා හෙල්ලෙන්නවත් බැරි වෙන්න චූන් පානගේ මූන ලගට පොලු ටික දික් කලා...දැන් ඉතින් හුස්මක් හරි ගන්න ඉතුරු උනා නම් ඒකා ඒකත් හිර කරන් ධතාශ්ගේ පුපුරු ගහන ඇස් දිහා බැලුවා......



🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now