....
..
..ඇති නැද්ද චූටි වස්තුවට හැංගිලා ඉදලා ම්ම්ම්......වැහුනු ඇස් පිය ඒ පමාවට ඇරෙන්න ඇති......පුදුමෙකට වඩා හැගීම්වල බර දරාගන්න බැරිවම ඒ කටරොලු පාට ඇස් හරි ඉක්මනට ලොකු වෙන්න ඇති.....
තීනු ඇස් උස්සලා බැලුවා.......ඇස් විතරක්ම උස්සලා බලද්දි ඒ මූනට එකතු වෙන බැල්මට....මිනිකැට වගේ දිලිසෙන ඇස් ඕනාවටත් වඩා කැපිලා පේනවට ධතාශ් හරීයට ආස කලා......කෙලින්ම ඔලුව උස්සලා බලනවට වඩා ඇස් විතරක් උස්සද්දි එයාටත් නොදැනී ඒ ලා රත ගැහුනු තොල්පට පෙනෙන නොපෙනෙන ගානට උල් වෙනවා....කටරොලු පාට ලොකු ඇස් තිබුනාටත් වඩා බෝල වෙනකොට ඒ එක්කම රවනවා හා සමානව ඇහිබැම එකට ලන් වෙන්න ගන්නකොට හිතක් කාටත් හොරා එයාගෙන්ම ඇහුවා ඒ රවන හිනැහෙන ඇස්වල අයිතිය එයාගෙ විතරමයි නේද කියලා....
එයා රවනවා වගේ....ඒත් රවන්නෙත් නෑ වගේ....ඒ බැල්ම හරි සංකීර්නයි....ඒත් ඒ බැල්ම දරන් ඉන්න පුංචි රූපෙ හරි ආදරනීයයි....ධතාශ්ගේ හිත කිව්වා හුස්ම හිර වෙනකම් මූන පුරා හාදු තියන්න.....එපා කියලා අතින් එහාට තල්ලු කරනකම් කේන්තියටදෝ වෙන හේදුවකටදෝ රෝස පාටකට හැරුනු කම්මුල් ඇති වෙනකම් අතින් තෙරපන්න....ඒත් කොයින්ද වෙලාවක්....අහලම එපා වුනු වාදනයක් මහ සද්දෙන් ස්පීකර්වලින් ඇහෙන්න ගද්දි ධතාශ් එයා හාදුව තියපු ඇස් කොනේ තද කලු පාට උපන් ලපේටම මාපට ඇගිල්ල තද කලා....හරියට හාදුව පැනලා යයි වගේ...
YOU ARE READING
🍁නූශ්🍁(Zhanyi)
Fanfictionඅවසරද නිල් කටරොලු මලකට.... බොරලු පොලොවක සෙනෙහෙ පතන්නට........... (ධතාශ් X තීනු)