0092

1.6K 294 65
                                    


..

..

..








ඇයි චූටි වස්තුව ඔය තරම් මුරන්ඩු....කියන දෙයක් අහන්නෙම නැති තරම් දැන්..ඊටත් හපන් ඉදලා ඉදලා කරන පන්ඩිත වැඩ...ධතාශ්ගෙ හුස්මත් නවතිනවා කොයිවෙලාවෙ හරි.....



..කට අරිනවා...!..තීනු...පිස්සු හැදිලද කොල්ලෝ...කට අරිනවා..


ධතාශ් තිනුගෙ කම්මුල් දෙපැත්තෙන් අත් තියලා අල්ලගත්තේ හරි කලබලේට....දෙයියනේ මේ කොල්ලා...හුස්මත් ඉහලට ඇදගෙන ඇස් දෙකත් බෝල කරන් මොනවත්ම නොවුනු ගානට ...හරියට ඇබිත්තන් තෙත නහයෙක්ට ආදරෙන් කතා කරද්දි එයා බෙල්ලත් ඇල කරන් වලිගෙත් වනන ගමන් කියන දේ තේරෙනවා වගේ බලන් ඉන්නෙ කොහොමද...ඒ හා සමානව තීනුත් යාන්තමට බෙල්ල ඇල කරලා එක කකුලක් වනන ගමන් ධතාශ් දිහාම බලන් හිටියා....එයා ඉදිකට්ට නොගිලපු ගානට...ඉදිකට්ට ගිල්ලෙ වෙන කෙනෙක් ගානට...හරි විනෝදෙට කකුල් දෙකත් වනන ගමන් හොර කොල්ලා බලන් හිටියා...


ධතාශ්ට දැන් තරහයි..තරහයි කියන්නෙ ඉතින් හොදම එකෙන් තරහයි...හැමදේම කරලා මොනවත් කලේ නෑ වගේ හැසිරෙන ලස්සන...ධතාශ් එයාගෙ අත් දෙකෙන් තවත්.ටිකක් තීනුගෙ කම්මුල් තෙරපුවා....කොහොමහරි කට ඇරගන්න හිතාගෙන ඒ තොල්පට උල් වෙලා යනකම්ම ධතාශ් නොරිදෙන ගානට ඒ පිරුනු කම්මුල් තෙරපුවා...ඒත් කොහෙද අරින්නෙම නෑ කට...හිර කරගෙන ඉන්නවා මැනික ගිලපු නාගයා ගානට......




..උබ දැන් මගෙන් කනවා එකක්...ඉදිකට්ටක් කියන්නෙ සෙල්ලමක්ද ආ....කට අරිනවා....තීනු...!..මුරන්ඩුකම්වලටත් සීමාවක් තියෙන්න ඕන...



ධතාශ් චුට්ටක් සැර කලා.....නැත්නම් බෑනේ මේ කොල්ලව හරියට හදාගන්න....ඒත් ඉතින් ධතාශ්ගෙ ඇත්තම සැර කිරිල්ලෙයි බොරු සැර කිරිල්ලෙයි වෙනස කාටත්.වඩා අදුනන තීනු ඇහුනෙවත් නැති ගානට එයාගෙ ඇදෙන් පහලට එල්ලෙන කකුලක් පැද්දුවා.....ඔය කකුල් දෙක තමා සේරම කරන්නේ...ධතාශ් ආයෙ හොල්ලන්න බැරිවෙන්න එයාගෙ කකුල්වලින් අල්ලලා ඒ කකුල් හිර කරගත්තා...දැන් තීනුට හෙල්ලෙන්නත් බෑ කරපු දේ නිසා ධතාශ්ට රවන්නෙ නැතිව ඉන්නත් බෑ....



🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now