0097

1K 293 130
                                    

..

..

..







..පරිස්සමට එන්න ම්ම්...උඩ බලාගෙන එහෙම එනවා නෙවේ...



   ධතාශ් හීනියට කලේ තරවටුවක්.....පරිස්සම් කරන්න හිතාගෙන අතැගිලි එකට පටලගත්ත උනත් චූටි වස්තුවට තිබුනෙම කුරුලු ගමනක් වෙද්දි කොහොමද තරවටු නොකරන්නේ..ධතාශ්ගෙ අතේ එල්ලීගෙනම ගුරු පාර දිගේ ඇවිද්දට මොකෝ කොලු පැටියගෙ ඇස් යන්නෙම රුස්ගස්වල මුදුන්වලට....වියනක් වගේ බැදෙන ගස්වල මුදුන් තවත් ගහක් එක්ක යාවෙලා ඒ අතරින් පෙරිලා එන ඉර එලිය ලග...එහෙමත් නැත්නම් කොහේ හෝ පදුරක ඉදන් පාරට පනින දෙමලිච්චෙක් , පොල්කිච්චෙක්,ඇටිකුකුලෙක් ලග....


..මේහ් මේහ් මේක ලස්සනයිනේ දතාස්..බලන්නකෝ...බලන්නකෝ..මේහ්....


     ධතාශ් පරිස්සමට ඇවිදින්න කිව්වෙ පාර හරහා එකපාරටම දුවන් ගිය මුගටි ගොයියට වෙන්න ඇති.....තීනුට එහෙම එකක් ඇහුනෙවත් නැති ගානට එයා බිමට නැවිලා වරා මලක් අහුලගද්දි....යන ගමන නතර කරලා ධතාශ්ටත් උනා නතර වෙන්න.....යන්න තියෙන්නෙ අඩියයි දෙකයි...ඒත් ඔය අඩිදෙක යාගන්නත් ධතාශ්ට දැන් පැය කාලකට වඩා ගිහිල්ල....කියන දේ අහනවා කියලා එකක්‍ යැ....එයා කරන්නෙ ඉතින් එයාට ඕන දේනේ...එක වරා මලක් නෙවෙ වරා මල් වැස්සක් වැහැපු ගානට ගුරු පාර පුරා විසිරිලා ගිහින් තියෙද්දි...තීනු ඒ හැම එකක්ම ඇගිලිවලින් පරිස්සමට අල්ලගත්තේ වරා මලක නූලක් හා සමාන පෙති එකක්වත් තැලෙන්නෙ දෙන්න නැතුව....


...ඔය ඇති ලමයෝ...හවස් වෙනවා දැන්..කෝ යන්..

..බෑ බෑ ඔහොම ඉන්න මෝඩයෝ..පරක්කු වෙන්නෙ නෑනේ...අනික...අනික වේලාසන ගියත් පරක්කු වෙලා ගියත් එයා අපිට ලකුනු දෙන්නෙ නෑනේ...චුට්ටක් ඉන්න අනේ..ම්හ්ක්..අර...අර තව එකක් පාවෙලා එනවා....අල්ලන්න...!..අනේ ඒක අල්ලන්න..ඔය...!..උඩපනින්න දතාස්....උඩපනින්න...



    උඩපනින්න කියාගෙන චූචි බිම්මලත් කරන්නෙම උඩ පනින එක.....ඉතින් යන ගමනත් පැත්තකට දාලා ධතාශ් එයාගෙ එක අතක තිබ්බ තිනුගෙ ඇදුම් දාපු බෑග් එක බිමින් තිබ්බා.....අනිත් අතේ තිබ්බ එයාගෙ පොත් දාපු බෑග් එකත් පරිස්සමට බිම තියපු ධතාශ් නොකර බැරිකමට උඩ පැන්නා.....

🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now