0068 (Bonus)

1.7K 386 141
                                    

..
..
..

කලින් චැපියක් දුන්නා මේකට කලින් ඒක කියෝලා ඉන්න නැත්නම් මග ඇරෙයි...


.
.







ධතාශ් බලාපොරොත්තු උනා එහෙම දෙයක් ...හැබැයි දැන්ම නෙවේ......වැස්සෙම බලුපැටියවත් තුරුලු කරන් එයා කඩුල්ල පැනගෙන යනකොට හිතුවා වගේම වෙන්න ඕන හරිය සිද්ධ වෙලා.....වැස්සෙ හඩ නිසා කාටවත් වැඩිය නෑහුනත්....ලගට යන්නම ඕන උනේ නෑ ගේ ඇතුලටවත් නොයා ස්තෝප්පුවේ සිද්ද වෙන රන්ඩුව කොයිතරම් සද්දෙ ඇතිද කියලා හිතන්න.....

ඈත තියාම ධතාශ් දැක්කා වෙලා තියෙන දේ....මිනාශි තවමත් හිටියේ සුදු ඇදුම පිට්න්...සමහර විට දැනුයි ස්කෝලෙ ඇරිලා එන්න ඇත්තේ..පන්ති නිසා මහ රෑ වෙලා ගෙදර ආවත් එක කෙස් ගහක් එහෙ මෙහෙ නොවී තියෙන කෙල්ලගෙ කොන්ඩෙ ගන්න දෙයක් නෑ දැන් නම්...ගුරුවරුන්ට අහුනොවෙන්න කපලා හංගන් හිටිය කොන්ඩෙ කපපු කෑලි මුලු මූනම වැහෙන තරමට එලියට ඇවිත් තිබුනා වගේම දැනටමත් එක කොන්ඩෙක බාගයක් ලෙහෙන්න ඔන්න මෙන්න තිබුනා......රතු පාට ටයි එක ඇබරිලාම ගිහින් කෙල්ලගෙ පිට දිගේ වැටිලා තිබුනා වගේම බෙල්ල ගාව බොත්තමත් ඉන පටියෙ බොත්තමත් ගැලවිලා ගිහින් මිනාශිව පෙනුනේ පිස්සියෙක් ගානට......ඊටත් වඩා සද්දෙ නෑහුනත් මූන අකුලන් කෑ ගහන තරම....හිතාගන්න පුළුවන් කොහොමත් චූටි වස්තුවගෙ තරම....


ඒ දෙන්නා එක උස කියලා හිතුවත් තීනු චුට්ටම චුට්ටක් උසින් අඩුයි....මහතෙනුත් එයා අඩුයි....ඒත් එහෙම කියලා එයාට පුලුවන්ද සිද්ද වෙන හැම අසාදාරනයක්ම ඉවසන් ඉන්න..කොහෙත්ම බෑ....මිනාශි රිද්දුවේ තීනුට නෙවේ...තීනු වැඩියෙන්ම ආදරේ කරන කෙනෙක්ට...ඒ කියන්නෙ එයාගෙ ඉවසීමෙ සීමාව කොතනකවත් නෑ කියන එක...


නිදි කරලා ගියාට එයා ඇහැරිලා.....කොහොමද ඇහැරුනෙ කියන එකට හේතුව උලුවස්ස ගාව දොර රෙද්ද පිටිපස්සෙ හැංගිලා ඇබිත්තන් ඇගිලි හපන ගමන් බලාගෙන ඉද්දි...අම්මා වගේම අප්පච්චිත් දැනටමත් ස්තෝප්පුවට එකතු වෙලා හිටියා...අම්මගෙ මූනෙ දුකක් වේදනාවක් තිබ්බත් අප්පච්චිගේ මූනෙ තිබුනෙ හිස් බැල්මක් විතරයි...උයන දේ පවා රස නෑ කියලා මුනටම බනින කෙල්ල කොයිතරම් හිත රිද්දලා තිබුනත්...ආපිට නොබැන...වැරැද්දට තරවටු කරන්න නොගිය අම්මා...මේ මොහොතෙත් කලේ අප්පච්චිගෙ අත හොල්ලලන ගමන් මොනවදෝ කියන එක වෙද්දි...බැරිම තැන අප්පච්චි අම්මව එක්කන් ගේ ඇතුලට ගියා......

🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now