0032

1.9K 438 88
                                    


..

..

..

(මට එයාලව මැවෙන විදිහ 😁)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


(මට එයාලව මැවෙන විදිහ 😁)





..

..

..








..එන්න එපා මගෙ කාමරේට....!!



තීනු ධතාශ්ගේ මූනටම දොර වහලා දැම්මෙ පුදුම තරම් කේන්තියකින්..කේන්තියක් කියනවට වඩා නොරිස්සුමකින්...ඒ දොර වහපු සද්දෙට නම් ගේත් එක්ක හෙල්ලිලා ගියාද මන්දා ඒත් ගානක් නැතුවම කොල්ලා කාමරේ ඇතුලට රිංගගත්තා...ඒකත් මේක එයාගෙ කාමරෙ කියාගෙන...ඔව් ඉතින් අයිතිවාසිකම් කියන්න අයිතිය තියෙනවා නම් අවසර ඕන නෑනේ...


..මහ ඕන්නෑ...


තිනු ධතාශ්ට කුටු කුටු ගාලා බනිනවා...කාමරෙ ඇතුලට ආවත් හරි එයා කලේ ඉනට අත් දෙක තියාගෙන ඇස් වටේට කරකවපු එක....පොඩි උනත් පිලිවෙලට තියෙන කාමරයක්...බිත්තියේ ජනේලයක් වෙනුවෙන් ලොකු ඉඩ තියලා එතන කලු ඉටිරෙදි ගහලා...
.බිත්ති දෙකකට ගෑවෙන්න හේත්තු කරපු පොඩි ඇදත් ..ඇදුම් රැක් එකක් එක්ක තිබුනු පොත් පිරුනු මේසයක්..කාමරේට අල්මාරියක් තිබුනෙ නෑ...ඒ වෙනුවට ඇදුම් රැක් එකත් ...ඇදුම් දාපු උස ප්ලාස්ටික් කූඩෙකුත් තිබුනා...කොහෙ ගිහින්ද දන්නෙ නෑ පොත් මේසෙ පුටුව නම් පේන මානෙක නෑ....



තීනු අත් දෙකත් පිටිපස්සට බැදගෙන හොරෙක් වගේ පොත් මේසෙ ලගට ඇවිදන් ගියා...හිතුවා හරි පිලිවෙලට අඩුක් කරලා තිබ්බා උනත් උඩ තිබුනෙ දොලහ වසර පන්තියට පාඩම් කරන පොත් නෙවේ....නවය වසරෙද මන්දා ලිවුව පොත් වගයක් උඩින් තිබ්බා....පොතක් දිග ඇර ගන්නවත් ඉඩ නැතුව මේසෙ පුරාම පොඩි පොඩි ගොඩවල්වලට පොත් අඩුක් කරලා...තීනු ටික වෙලාවක් ඒ පොත් දිහා බලන් ඉදලා ඉඩින්ම තිබුනු නවය වසරෙ පොත අතට ගත්තා...කහ පාටින් පිටකවරය්ක් දාපු ඉස්සරහා බුද්ධ රූපයක් අලවපු පොතක්..එහෙනම් අනිවාර්යයෙන් මේ බුද්ධාගම පොත වෙන්න ඕන.....

🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now