0037

1.6K 409 138
                                    


..

..

..


..හමුදාවට යන්න. ??..උබ දන්නවද හමුදාව කියන්නෙ මොනවගේ තැනක්ද කියලා ආ...


ධතාශ් මොනවත් කිව්වෙ නෑ...නෑ එයාට කියන්න මොනවත් තිබුනෙ නෑ.....අප්පච්චි වේගෙන් ඇවිදන් ඇවිත් කොල්ලගෙ උරහිසෙන් ඇදලා හරවා ගත්තා උනත් අහක බලන් ඉන්නවා හැර කොල්ලට වෙන කරන්න දේකුත් තිබුනෙ නෑ ..

..උබේ අප්පච්චි තාම මැරිලා නෑ උබව හාමුදාවට යවලා උබෙන් කාලා ඇදලා ඉන්න.....උබ හමුදාවට යනවා නම් මේ අප්පච්චි මලා කියලා හිතාගෙන ගෙදරින් පලයන්..

..අප්පච්චි තේරුම්ගන්න මං..

..තව මොනාතේරුම් ගන්නද ආ...කරදඩු උස්මහත් උනු පලියට උබට බෑ මගෙ වචනෙන් පිට යන්න....ඔච්චරටම උබට යන්න තදියම නම් මං මැරුනු දාක පලයන්...එතකම් උබට එක අඩියක් ඕක අස්සට තියන්න දෙන්නෙ නෑ....


අප්පච්චිගේ කේන්තිය ඉස්සරහා ධතාශ්ට කවදත් බෑ ඒ ඇස් දිහා කෙලින් බලන්න..ඔතන වෙන මනුස්සයෙක් හිටියා නම් කනට ගහලා කියන්න තියෙන ටික මූනට කියන්න තිබුනා උනත් ඒ එයාගෙ අප්පච්චි කියන හැගිමෙන් කොල්ලා ඉවසුවා....කොයිතරම් බැන්නත් ඒ මගෙ අප්පච්චි කියන හැගීම හිතේ නොවෙනස්ව තැන්පත් වෙලා තිබුනා..හිතුමතේ නෙවේ දවස් ගානක් කල්පනා කරලා ගත්තු තීරණයක් ඒක...ලේසියෙන් ගන්නවා තියා හිතන්නවත් අමාරු තීරණයක් ඒක....ඒ උනත් අමාරුවෙන් හිත එකගකරගෙන ගත්තු තීරනේට අප්පච්චි බාදා කරනවා..යන්න දෙන්නෙ නැති වග තදින්ම කියනවා....යන්න බැරිකම නේවේ...හමුදාවට යන්න තරම් හිතේ හයියක් නැතිකම නෙවේ....හිතේ අප්පච්චි ගැන තියන බය මුසු ගෞරවය ...ආදරය...යන්න ඕන කියන තීරනේ මැදින් හරි ඉක්මනට හරස් උනා..

..මුලු සේසතම විකුණලා පාරට බහින්න උනත් මං උබව ඕක අස්සට යවන්නෙ නෑ....

ධතාශ් නොදැක්කා උනත් අප්පච්චිගේ ඇස්වල කඳුළක් මෝදු වෙලා...ලේසි නෑ හමුදාවෙ ජීවිතේ....අතට හම්බෙන පඩිය තරම් හිතට සැනසීමක් ගේන්නෙ නෑ ඒ වෙනුවෙන් කරන්න වෙන කැපවීම...පුහුණු කාලයෙදි විදින්න වෙන වේදනාව..හමුදාවට බදවගන්න තැන ඉදන් විදින්න වෙන්නෙම ඉහල නිලධාරීන්ගෙ වෙනස්කම්.....ගව රැළක් මුදා හරිනවා හා සමානව ශාලාවකට රැස් කරලා එක ඇදුමක් ඉතුරු නොවෙන්න නිරුවත් කරනවා...කාන්තා නිලදාරීන්ද පිරිමි නිලදාරීන්ද කියලා බේදයක් නැතුවම අලුත් සාමාජිකයව හරව හරව ඇගේ සලකුණු පරික්ශා කරනවා....ලකුනු කරගන්නවා...හදිසියේ මැරිලා යන්න උනොත් මල සිරුර අදුන ගැනීමෙ පහසුවට මුල ඉදන්ම පරික්ශාවට ලක්වෙන්න සිද්ද වෙනවා....හමුදාව ඇතුලෙ ගැහැනු අය කියලා කාටවත් බුරුලක් ලැබෙන්නෙ නෑ...ඇගේ සලකුනු පරික්ශා කරන්න එයාලට නිරුවත් වෙන්න වෙන්නේ පිරිමි ඉස්සරහා...ලැජ්ජාව තියෙන ආත්ම ගෞරවය වටින කෙල්ල ආපහු හැරිලා ගියා උනත්..හමුදාවට බැදෙන්නම ඕනයි කියලා හිතේ තියන කෙල්ලට එතන ඉදන්ම දරාගන්න වෙනවා....ලැජ්ජාව බල්ලට දාලා හිත ගලක් කරගන්න වෙනවා....වාසනාව තිබ්බොත් විතරක් ඇගේ සලකුණු පරික්ශා කරන්න කියලා ගැහැනු අයට විතරක් දෙන පොඩි තිරය අස්සෙන් උසස් නිලදාරීන්ගෙන් කෙලෙසෙන්නෙ නැතුව එන්න ලැබෙනවා...ඒ බේරිලා ආවත් පිරිමි කෙසේවෙතත් උසස් නිලදාරීන්ගෙ තාඩන පීඩනවලට ලක් නොවී....අනවශ්‍ය දඩුවම්වලට ලක් නොවී කරදරයක් නැතුව පුහුණු කාලය ඉවර කරන්න ඕන නම් ගැහැනු ළමයෙක් විදිහට ඇතුලට ගිහින් ගැහැනියෙක් වෙලා එලියට එන්නම වෙනවා.....

🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now